Home This Girl Can – Victoria ප්‍රයත්නයට ඔබ සාදරයෙන් පිළිගනිමු.
ඔබට එය දැනෙනවාද?
|
ක්‍රියාශීලී වීමෙන් පසු ඔබට දැනෙන්නේ
කුමක්ද?
තෘප්තියක්? සන්සුන් බවක්? සතුටක්? ප්‍රබෝධමත් බවක්? ආත්ම විශ්වාසයක්?
|
ක්‍රියාශීලී වීමෙන් මනා හැඟීමක්
ලැබීමට ඔබට අවශ්‍ය නම් ඔබ පැමිණ ඇත්තේ නිවැරදි තැනටයි.
|
තමාට අවශ්‍ය ඕනෑම ආකාරයකට ඕනෑම
වෙලාවක හා ඕනෑම තැනක දී ක්‍රියාශීලී විය හැකිය යන හැඟීම සියළු කාන්තාවන් තුළ ඇති
කිරීම අපගේ අරමුණයි. එමෙන් ම
ක්‍රියාශීලී වීමෙයහපත් යමක් ඔවුන්ට
ලබා දීමයි.
|
අපට අවශ්‍ය කාන්තාවන් වැඩි දෙනෙක් ‘මේ කෙල්ලට පුළුවන්’ යනුවෙන් තමාටම කියනු දැකීමයි.
|
අපගේ මෙම ප්‍රයත්නය දැකීමෙන් අනතුරුව ක්‍රියාශීලී වීමට පෙළඹුණ වික්ටෝරියාව පුරා සිටින 320,000 පමණ වන කාන්තාවන් සමග එක්වන්න. |
ක්‍රියාකාරකමක් සොයන්න (ඉංග්‍රීසි
භාෂාවෙන්)
|
අනෙක් කාන්තාවන්ගෙන් දිරි ගැන්වීමක්
ලබන්න. (ඉංග්‍රීසි භාෂාවෙන්)
|
This Girl Can – Victoria යනු කුමක්ද?
|
විනිශ්චයට ලක්වීම ගැන සිත් තැවුලට පත් නොවී- ක්‍රියාශීලී වීමට කාන්තාවන් දිරි
ගැන්වීම සඳහා VicHealth විසින් සැලසුම් කරන ලද ප්‍රයත්නයකි.
|
This Girl Can – Victoria (මේ කෙල්ලට පුළුවන්) ප්‍රයත්නය කාන්තාවන්ට කළ
හැකි දේ අගය කිරීම සඳහාය. තම නිවස
අවට ප්‍රදේශයේ ඇවිදීමට යාම වේවා කෙටි
දුරක් පිහිනීම වේවා, අපි සියළුම ආකාරයේ ක්‍රියාකාරකම්
අගය කොට සළකන්නෙමු.
|
මෙයට සම්බන්ධව
සිටින්නේ කවුද?
|
ක්‍රියාශීලී වීමට අන්‍යෝන්‍ය
සහයෝගය දීමට හා දිරිගැන්වීම සඳහා
දහසකුත් කාන්තාවන් එක් වී අන්තර්ජාලය ඔස්සේ ප්‍රජාවක් තනාගෙන ඇත.
|
සමාජ මාධ්‍යවල ප්‍රජාවට එක්වන්න
(ඉංග්‍රීසි භාෂාවෙන්)
|
පළමු වතාවට බොහෝ කාන්තාවන් යම්
ආකාරයක ක්‍රියාකාරකමක් හෝ ක්‍රීඩාවක් කිරීමට පටන්ගෙන ඇත. තවත් අයට කෙටි විවේකයකට පසුව නැවත ක්‍රියාශීලී
වීමට මෙය දිරි ගැන්වීමක් වී ඇත.
|
ක්‍රීඩාවක් හෝ වෙනත් ඕනෑම ආකාරයක
කටයුත්තකින් විවේකයක් ගැනීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. තමා ක්‍රියාශීලී වනු දැක අනෙක්
අය කුමක් සිතාවිද කියා
සිත් තැවුලට පත් වීමත් නිතර දක්නට
ලැබේ.
|
ඔබ නැවත ක්‍රියාකාරකම්වල යෙදීමට හෝ අලුතින් දෙයක් උත්සාහ කිරීමට සූදානම් නම් This Girl Can – Victoria ප්‍රජාව ඔබ දිරි ගන්වමින් ඔබ සමග සිටියි!
|
මෙම දැන්වීම්වල සිටින
කාන්තාවන් කවුද?
|
දැන්වීම්වල ඔබ දකින කාන්තාවන් ඔබ
මෙන් ම එදිනෙදා ජීවිතයේ දක්නට ලැබෙන කාන්තාවෝ වෙති.
|
ඔවුන් මුදල් ගෙවා ලබා ගත් නිළියන්, වෘත්තීමය ක්‍රීඩිකාවන්, නිරෑපිකාවන් හෝ ඉන්ස්ටග්‍රෑම් තරු නොවේ.
|
ඔවුන් විවිධ තරාතිරම්වල වික්ටෝරියාව
පුරා විසිරී සිටින අයයි. මේ කාන්තාවෝ විවිධ වයස්වල, විවිධ පසුබිම් සහිත මෙන්ම
එකිනෙකාගෙන් වෙනස් වූ හැකියාවන්, ශරීර හැඩයන් මෙන්ම ප්‍රමාණයන් ඇති
අය වෙති.
|
එහෙත් ඔවුන් සියළු දෙනාටම පොදු
සාධකයක් වේ.
|
එනම් ඔබ වැනි අනෙක් කාන්තාවන්ද ක්‍රියාශීලී
වීමට දිරි ගැන්වීම සඳහා, තමා ක්‍රියාශීලී වූයේ කෙසේද යන ඔවුන්ගේ
කතාව බෙදා හදා ගැනීමට ඔවුහු ස්වේච්ඡාවෙන්
ඉදිරිපත් වී සිටියි.
|
ඔබේ පෙනුම, ඔබ කෙතරම් හොදින් ක්‍රීඩා කරන්නේද, කෙතරම් දහඩිය හෙලන්නේද
යන්න නොසළකා, ක්‍රීඩා හා ක්‍රියාකාරකම් සියළු
දෙනාට ම කළ හැකි බව අනෙක් කාන්තාවන්ට පෙන්වීම ඔවුන්ගේ අවශ්‍යතාවයි.
|
කෙල්ලන් හමුවන්න (ඉංග්‍රීසි
භාෂාවෙන්)
|
මට ප්‍රශ්න ඇත්නම්
ඇසිය හැක්කේ කාගෙන්ද?
|
Facebook හා Instagram අනෙක් කාන්තාවන්ගෙන් ප්‍රශ්න ඇසීමට, ඔවුන්ගෙන් දිරිගැන්වීම් ලැබීමට හා
ඔබගේ ‘දහඩිය වැගිරෙන සෙල්ෆි’ දැමීමට මෙන්ම ක්‍රියාශීලී වීම ගැන
ඔබේ කතාව බෙදා හදා ගැනීමට ආරක්ෂිත අවකාශ වේ.
|
අපගේ This
Girl Can – Victoria ප්‍රජාවට එක්වන්න:
|
Facebook |
Instagram |
ඔබට ඊමේල් සඳහා ලියාපදිංචි විය හැකිය. |
|
* VicHealth යනු සෞඛ්‍යය ප්‍රවර්ධනය සම්බන්ධ විශේෂඥයන්, සාක්ෂි හා පර්යේෂණ සමග කටයුතු කරන වික්ටෝරියානු රජයේ ආයතනයකි. |
|
|
|
|
|
|