This Girl Can – Victoria ප්‍රයත්නයට ඔබ සාදරයෙන් පිළිගනිමු.

ඔබට එය දැනෙනවාද?
ක්‍රියාශීලී වීමෙන් පසු ඔබට දැනෙන්නේ කුමක්ද? තෘප්තියක්? සන්සුන් බවක්? සතුටක්? ප්‍රබෝධමත් බවක්? ආත්ම විශ්වාසයක්?
ක්‍රියාශීලී වීමෙන් මනා හැඟීමක් ලැබීමට ඔබට අවශ්‍ය නම් ඔබ පැමිණ ඇත්තේ නිවැරදි තැනටයි.
තමාට අවශ්‍ය ඕනෑම ආකාරයකට ඕනෑම වෙලාවක හා ඕනෑම තැනක දී ක්‍රියාශීලී විය හැකිය යන හැඟීම සියළු කාන්තාවන් තුළ ඇති කිරීම අපගේ අරමුණයි. එමෙන් ම ක්‍රියාශීලී වීමෙයහපත් යමක් ඔවුන්ට ලබා දීමයි.   
අපට අවශ්‍ය කාන්තාවන් වැඩි දෙනෙක් ‘මේ කෙල්ලට පුළුවන්’ යනුවෙන් තමාටම කියනු දැකීමයි.
අපගේ මෙම ප්‍රයත්නය දැකීමෙන් අනතුරුව ක්‍රියාශීලී වීමට පෙළඹුණ වික්ටෝරියාව පුරා සිටින 320,000 පමණ වන කාන්තාවන් සමග එක්වන්න.  
ක්‍රියාකාරකමක් සොයන්න (ඉංග්‍රීසි භාෂාවෙන්)
අනෙක් කාන්තාවන්ගෙන් දිරි ගැන්වීමක් ලබන්න. (ඉංග්‍රීසි භාෂාවෙන්)
This Girl Can – Victoria යනු කුමක්ද?
විනිශ්චයට ලක්වීම ගැන සිත් තැවුලට පත්  නොවී- ක්‍රියාශීලී වීමට කාන්තාවන් දිරි ගැන්වීම සඳහා VicHealth විසින් සැලසුම් කරන ලද ප්‍රයත්නයකි.
This Girl Can – Victoria  (මේ කෙල්ලට පුළුවන්) ප්‍රයත්නය කාන්තාවන්ට කළ හැකි දේ අගය කිරීම සඳහාය. තම නිවස අවට ප්‍රදේශයේ ඇවිදීමට යාම වේවා කෙටි දුරක් පිහිනීම වේවා, අපි සියළුම ආකාරයේ ක්‍රියාකාරකම් අගය කොට සළකන්නෙමු.  
මෙයට සම්බන්ධව සිටින්නේ කවුද?
ක්‍රියාශීලී වීමට අන්‍යෝන්‍ය සහයෝගය දීමට හා දිරිගැන්වීම සඳහා දහසකුත් කාන්තාවන් එක් වී අන්තර්ජාලය ඔස්සේ ප්‍රජාවක් තනාගෙන  ඇත.
සමාජ මාධ්‍යවල ප්‍රජාවට එක්වන්න (ඉංග්‍රීසි භාෂාවෙන්)
පළමු වතාවට බොහෝ කාන්තාවන් යම් ආකාරයක ක්‍රියාකාරකමක් හෝ ක්‍රීඩාවක් කිරීමට පටන්ගෙන ඇත. තවත් අයට කෙටි විවේකයකට පසුව නැවත ක්‍රියාශීලී වීමට මෙය දිරි ගැන්වීමක් වී ඇත.
ක්‍රීඩාවක් හෝ වෙනත් ඕනෑම ආකාරයක කටයුත්තකින් විවේකයක් ගැනීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. තමා ක්‍රියාශීලී වනු දැක අනෙක් අය කුමක් සිතාවිද කියා සිත් තැවුලට පත් වීමත් නිතර දක්නට ලැබේ.
ඔබ නැවත ක්‍රියාකාරකම්වල යෙදීමට හෝ අලුතින් දෙයක් උත්සාහ කිරීමට සූදානම් නම් This Girl Can – Victoria ප්‍රජාව ඔබ දිරි ගන්වමින් ඔබ සමග සිටියි!

මෙම දැන්වීම්වල සිටින කාන්තාවන් කවුද?
දැන්වීම්වල ඔබ දකින කාන්තාවන් ඔබ මෙන් ම එදිනෙදා ජීවිතයේ දක්නට ලැබෙන කාන්තාවෝ වෙති.
ඔවුන් මුදල් ගෙවා ලබා ගත් නිළියන්, වෘත්තීමය ක්‍රීඩිකාවන්, නිරෑපිකාවන් හෝ ඉන්ස්ටග්‍රෑම් තරු නොවේ.
ඔවුන් විවිධ තරාතිරම්වල වික්ටෝරියාව පුරා විසිරී සිටින අයයි. මේ කාන්තාවෝ විවිධ වයස්වල, විවිධ පසුබිම් සහිත මෙන්ම එකිනෙකාගෙන් වෙනස් වූ හැකියාවන්, ශරීර හැඩයන් මෙන්ම ප්‍රමාණයන් ඇති අය වෙති.
එහෙත් ඔවුන් සියළු දෙනාටම පොදු සාධකයක් වේ.
එනම් ඔබ වැනි අනෙක් කාන්තාවන්ද ක්‍රියාශීලී වීමට දිරි ගැන්වීම සඳහා, තමා ක්‍රියාශීලී වූයේ කෙසේද යන ඔවුන්ගේ කතාව බෙදා හදා ගැනීමට ඔවුහු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සිටියි.
ඔබේ පෙනුම, ඔබ කෙතරම් හොදින් ක්‍රීඩා කරන්නේද, කෙතරම් දහඩිය හෙලන්නේද යන්න නොසළකා, ක්‍රීඩා හා ක්‍රියාකාරකම් සියළු දෙනාට ම කළ හැකි බව අනෙක් කාන්තාවන්ට පෙන්වීම ඔවුන්ගේ අවශ්‍යතාවයි.
කෙල්ලන් හමුවන්න (ඉංග්‍රීසි භාෂාවෙන්)
මට ප්‍රශ්න ඇත්නම් ඇසිය හැක්කේ කාගෙන්ද?
Facebook හා Instagram අනෙක් කාන්තාවන්ගෙන් ප්‍රශ්න ඇසීමට, ඔවුන්ගෙන් දිරිගැන්වීම් ලැබීමට හා ඔබගේ ‘දහඩිය වැගිරෙන සෙල්ෆි’ දැමීමට මෙන්ම ක්‍රියාශීලී වීම ගැන ඔබේ කතාව බෙදා හදා ගැනීමට ආරක්ෂිත අවකාශ වේ.
අපගේ This Girl Can – Victoria ප්‍රජාවට එක්වන්න:
Facebook
Instagram
ඔබට ඊමේල් සඳහා ලියාපදිංචි විය හැකිය.
 
* VicHealth යනු සෞඛ්‍යය ප්‍රවර්ධනය සම්බන්ධ විශේෂඥයන්, සාක්ෂි හා පර්යේෂණ සමග කටයුතු කරන වික්ටෝරියානු රජයේ ආයතනයකි.